භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bandiwewa M.V.

බැඳිවැව මහා විද්‍යාලය

පොළොන්නරු කලාපය

  • Register
  • Login
Bandiwewa M.V.

බැඳිවැව මහා විද්‍යාලය

පොළොන්නරු කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වැව් බැඳි රටේ මිහිරියාවෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1960 බැඳිවැව ගම්මානයේ පොල් අතුමඩුවකින් ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ  සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.

පාසලේ මුල්ම ශිෂ්‍යයා  පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපරිත්‍යාගකයන් වූ කරුණානන්ද මහතා හා පෙතියාගොඩ මහතාගේ  ධන පරිත්‍යාගයෙන් නව 1960 දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි.  ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය.

 


    

1962 ඔක්තෝබර් 02දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

           සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ මහා විද්‍යාල අතරට අප පාසලද එක් විය . ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය.   වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළයුතුය.වර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය,  ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය , පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 56 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 8 කින් සමන්විතය. දහසක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "අභිමානවත් ගෞරවනීය ශ්‍රී ලංකිකයෙකු බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1960

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

62

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බැඳිවැව මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1962 ඔක්තෝම්බර් 02

පාසල පැවැත්වූ ස්ථානය

පොළොන්නරුව,බැඳිවැව ග්‍රාමයේ

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1960.01.05

 

Bandiwewa M.V.

බැඳිවැව මහා විද්‍යාලය

පොළොන්නරු කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bendiwewa maha vidyalaya, Bendiwewa, Jayanthipura, Polonnaruwa.

: (+94)272227190

: (+94)272227190

: [email protected]

Supported By

© 2026 Bandiwewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk